මගෙ තනි නොතනියට නුඹවත් සිටියානේ

පසු ගියදා අභාවප්‍රාප්ත වූ හිටපු ඇමෙරිකානු ජනාධිපති George HW Bush මහතාගේ දේහය අසළ ශෝකයෙන් යුතුව සැතපී සිටින ලැබ්‍රඩොර් (Labrador) වර්ගයේ සුනඛයකුගේ චායාරූපයක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා දකින්න පුළුවන්. සලී (Sully) නමැති මොහු සහායක බල්ලකු (service dog) ලෙස විශේෂ පුහුණුවක් ලැබ, හිටපු ජනපතිවරයාගේ සේවයට එක්ව තිබෙනවා. ජනාධිපති වරයා ජීවත්ව සිටියදීත් ඉන් අනතුරුවත්, සලී හදවතින්ම තම ස්වාමියට ආදරය කර ඇති බවට පළවන පින්තූර සාක්ෂි දරනවා.

E2ZQZHTXSVDQLGQ3BPGWKGS6Y4

මේ ආකාරයෙන් තම ස්වාමියාට කොන්දේසි විරහිත ලෙස ආදරය කල සුනඛ සුරතලුන් ගැන ඉතිහාසය පිරික්සීමේදී හොයා ගන්න පුළුවන්. ඒ අතරින් ප්‍රසිද්ධම එක්කෙනා තමයි හචිකෝ (Hachiko). ජපානයේ ජීවත්වූ මොහු සෑම දිනකම තම ස්වාමියා රාජකාරිය නිමවී දුම්රියෙන් පැමිණෙන තුරු Shibuya දුම්රිය ස්ථානයේ නියමිත වෙලාවට බලා සිටීමට පුරුදුව සිටියා. හදිසියේම ස්වාමියා මිය ගියා. නමුත් බලාපොරොත්තු අත් නොහැරගත් හචිකෝ පුරා වසර 9ක්‌ම (උගේ මරණය තෙක්ම) තම ස්වාමියා දුම්රියෙන් නැවත ඒවී යැයි සිතා නියමිත වේලාවට දුම්රිය ස්ථානයට යාමට පුරුදුව සිටියා.හැබැයි ආයේ කවම දාකවත් උගේ ස්වාමියානම් ආවේ නැහැ.

බල්ලෝ එහෙමයි.. මිනිස්සු.. අනේ මන්දා…

Hachiko.jpg

2 thoughts on “මගෙ තනි නොතනියට නුඹවත් සිටියානේ”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s