බොම්බයි මොටයි – Bombay Mithai

බොම්බයි මොටයි (සමහර අය බොම්බයි මුටයි කියලත් කියනවා) කියන්නේ මොනවටද කියලා අපි හැමෝම දන්නවා. කුඩා සීනුවක් නාද කරමින් බොම්බයි මොටයි විකුණන මිනිස්සු එනකම් ඉස්සර ළමයි නම් කෙල හල හල බලන් හිටියා. රෝස පාටට ඩයි දාලා මේ විකුණන්නේ බාබර් සාප්පුවෙන් එලියට දාන කෙස් ගස් වත්ද කියලත් මට ඒ කාලේ සැකයක් තිබුණා. ඒ කොහොම උනත් එක පාරක් හරි බොම්බයි මොටයි කාපු කෙනෙක් කවදත් ඕකට හරි කැමතියි. වැරදිලා හරි පාරේදී හරි දැක්කොත් කන්නමයි හිතෙන්නේ.

හදිසියේම මේ බොම්බයි මොටයි කතාවක් ඇදිලා ආවේ, අපේ කාර්යාලයේදී වුන සිද්දියක් හින්දා. අපිත් එක්ක වැඩ කරන ඉන්දියානු ජාතිකයන් කීප දෙනෙක්ම ඉන්නවා. ලඟදි දවසක ඔය එක්කෙනෙක් එයාගේ ගම රට බලා ගිහින් ආවා. දන්නවනේ ඉතින් අපි. මෙහෙන් යන්නත් කලින් ඉඳන් තමයි මිනිහට කිවුවේ, ඔන්න කන්න ජාති මොනවත් අරන් එන්නේ නැතුව ආයේ ඔෆිස් එහෙම එන්න එපා කියලා. අපරාදේ කියන්න බෑ , මනුස්සයත් බරටම අරන් ආවා. ඔය ගෙනාපු රස කැවිලි අස්සේ තිබ්බා අලුවා වගේ ජාතියක්, හැබැයි බොම්බයි මොටයි freeze කරලා වගෙයි. රසයි. සුදු පාටයි. කෙඳි වගේ. ඉතින් අපේ අයත් කතා උනා, මේවානම් බොම්බයි මොටයි වගේ තමයි කියලා. ඒක ඇහුන ගමන් අපේ ඉන්දියන් සගයා කියපි not බොම්බයි මොටයි, but Bombay Mithai කියලා.

එක පාරටම අපිත් ටිකක් අන්දුන් කුන්දුන් උනා මේ Bombay Mithai කතාවට. පස්සේ වැඩි විස්තර අහල බලනකොට තමයි තේරුම් ගියේ හින්දි බාසාවෙන්  Mithai කියන්නේ sweets වලට කියලා. ඒ කියන්නේ බෝම්බයි මොටයි කියලා අපි ජනවහරට අරන් තියෙන්නේ Bombay Mithai කියන එකද? ( වැඩි විස්තරයක් දන්නා කෙනෙක් ඉන්නවනම් share කරාට කමක් නැහැ, හුදී ජන පහන් සංවේගය උදෙසා). මගේ අනුමානය නම් මුල් කාලයේ ඉන්දියාවෙන් ආපු වෙළෙන්දෝ මෙහේ රස කැවිලි අලෙවි කරන්න ඇති බෝම්බායෙන් ගෙනා කැවිලි (Bombay Mithai) කියලා.එහෙම නැත්තම් බොම්බායේ සුප්‍රසිද්ද රස කැවිලි ලංකාවටත් අපේ කට්ටිය හඳුන්වා දුන්නද දන්නේ නැහැ Bombay Mithai කියලා. අදටත් Bombay Sweets කියලා රස කැවිලි අලෙවි කරන කඩ කීපයක්ම කොළඹ නගරයේ තියෙනවා.

ඔය කොහොම වෙතත් අද වෙනකොට බොම්බයි මොටයි කියන්නේ අපේම ශ්‍රී ලාංකික අනන්‍යතාවක් වෙලා ඉවරයි. ප්‍රශ්නය තව කොච්චර කාලෙකටද කියන එකයි.

img_2258

පින්තුරය නම් අන්තර්ජාලයේ Kandy, rediscovered – Girl-travelsworld කියන web පිටුවෙන් ගත්තේ

2 thoughts on “බොම්බයි මොටයි – Bombay Mithai”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s