සුපිරි බලවතෙකු වීමේ ගමන් මගෙ තවත් සංධිස්ථානයක් ඉන්දියාව පසුගියදා පසුකළා. ඒ ලෝකයේ උසම ප්‍රතිමාවට (Tallest Statue) හිමි වාර්තාව තමන් සතු කරගනිමින්. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී (Narendra Modi) අතින් නිරාවරණය වු මෙම ප්‍රතිමාව නම් කර තිබෙන්නේ Statue of Unity (එකමුතුවේ ප්‍රතිමාව) ලෙසින්.
මීටර් 182ක් උසැති ප්‍රතිමාවෙන් නිරුපණය වන්නේ නිදහස් ඉන්දියාවේ ප්‍රථම උප අගමැති වරයා වූ සර්දාර් වල්ලබාය් පටෙල් ( Sardar Vallabhbhai Patel) මහතාය්. බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉන්දියාව නිදහස් වීමේදී විවිධ පාලකයන් (මහාරාජා, නවාබ්, සුල්තාන්, නිසාම්, වාඩියාර්, etc) යටතේ තිබු අර්ධ ස්වයං පාලිත රාජ්‍යන් (princely states) 565ක් පමණ ඉන්දියාව සමඟ එක්සත් කිරීමේ භාරධුර්ය කාර්ය ඉතා මැනවින් මෙතුමා විසින් ඉටුකළා. විටෙක ඒ සදහා යුධ බලය පෙන්වීමට පවා එතුමා සුදානමෙන් පසු වුණා . එනිසාම ඔහු ඉන්දියාවේ යකඩ මිනිසා (Iron man of India) ලෙසත් හඳුන් වනු ලබනවා.
පසුගිය ඔක්තෝබර් 31 වෙනිදා ගුජරාට් (Gujarat) ප්‍රාන්තයේ නර්මධා වේල්ල (Narmada Dam) සමීපයෙ විව්‍රත වූ එකමුතුවේ ප්‍රතිමාවට වැය වූ මුළු මුදල ඩොලර් මිලියන 430ක් පමණ වෙනවා. ඒ සමඟ මෙතෙක් ලොව උසම ප්‍රතිමාව ලෙස හැඳින්වූ චීනයේ වසන්ත විහාර බුද්ධ ප්‍රතිමාව (Spring Temple Buddha – Lushan, Henan, China 128m) දෙවන තැනට පත් වෙනවා. ලොව උසම ප්‍රතිමා අතර බහුතරය බුද්ධ හෝ බෝධිසත්ව ප්‍රතිමා වීමත් විශේෂත්වයක්.
පින්තූරු හා විස්තර අන්තර්ජාලය ඇසුරෙන්