තාත්තගෙම පුතා – Anak Krakatoa

මේ දිනවල ඉන්දුනීසියාවට බල පෑ හදිසි සුනාමි (Tsunami) තත්වය ගැන ලෝකයම කතා වෙනවා. ඊට ආසන්නම හේතුව විදියට විද්වතුන් විශ්වාස කරන්නේ අනක් ක්‍රැකටෝවා (Anak Krakatoa) යමහලෙහි ක්‍රියාකාරිත්වය නිසා මුහුද පතුලෙහි සිදු වූ නාය යාමකට සමාන ක්‍රියාකාරිත්වයක් (undersea landslide). BBC ප්‍රවෘත්ති සේවය කදිම පිංතුරයකින් එම සංසිද්ධිය පහදලා තියෙනවා.

Landslide

ඉන්දුනීසියාව කියන්නේ දුපත් දහස් ගානකින් සැදුම් ලත් කොදෙව් රාජ්‍යක් (Indonesian Archipelago). ආසන්න වශයෙන් හඳුනා ගත් දුපත් 17,000 ක් විතර තියෙනවා. Krakatoa එහෙමත් නැත්තම් Krakatau කියන්නෙත් ඒ වගේ ඉතා කුඩා දිවයිනක්. ඉන්දුනීසියාවට අයත් ජාවා (Java) හා සුමාත්‍රා (Sumatra) කියන විශාල දුපත් දෙකට මැදි වෙලා සුන්ඩා සමුද්‍රසංදිය (Sunda Strait) ආසන්නයේ තමයි ක්‍රැකටෝවා දිවයින පිහිටලා තියෙන්නේ. ඉන්දුනීසියාවේ තියන බොහොමයක් දුපත් ගිනි කඳු ක්‍රියා කාරිත්වය නිසා බිහි වුවන්. පැසිෆික් ගිනි වළල්ල (Pacific Ring of Fire) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සක්‍රිය ගිනිකඳු සහිත පැසිෆික් සාගර කලාපයට තමයි ඉන්දුනීසියාව අයත් වෙන්නේ. ක්‍රැකටෝවා දිවයින කියන්නෙත් ඒ ආකාරයට ඉන්දුනීසියාවේ තිබෙන 130 කට අධික ක්‍රියාකාරී යමහල් අතරින් එකක්.

Location

ලෝකය පුරා විසිර පවතින දහස් ගණන් ගිණි කඳු අතරින් ක්‍රැකටෝවා යමහල සුවිශේෂි වන්නේ 1883 සිදුවූ විධාරණයත් සමඟයි. එදා මෙදා තුර ලිඛිත ඉතිහාසයෙහි (Recorded History) වන බිහිසුණුම ගිනි කඳු ව්‍යසනයන්ගෙන් එකක් ලෙස 1883 හි සිදුවූ විධාරණය හඳුන්වනවා. ප්‍රථම වරට 1883 මැයි මාසයේදී එවකට ඕලන්ද නැගෙනහිර ඉන්දීය (Dutch East Indies) රාජ්‍යක් වූ ඉන්දුනීසියාව ආසන්යෙන් යාත්‍රා කල නවුකා කීපයකම ක්‍රැකටෝවා දිවයිනට ඉහළ අහසෙහි අළු වළාවන් දුටු බව වාර්තා කරලා තියෙනවා. මාස කිහිපයක්ම මේ තත්වය තිබු බවයි සටහන් වෙන්නේ. රාත්‍රී කාලයෙහි යමහලෙන් පිටවන රතු පැහැති දුම් රොටු අවට දුපත් වැසියන් ප්‍රීතියෙන් යුතුව නැරබු බවත් සටහන්. හැබැයි සියලු ප්‍රීති ගෝෂා දුක් අදෝනා වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. විශාල පිපුරුම් හතරක් සමඟින් එක් දිනකදී යමහල විධාරණය වුණා. එය කොයි තරම් ප්‍රභල උනාද කියනවනම් කිලෝ මීටර 4,500ක් ඇතින් පිහිටා තිබෙන ඕස්ට්‍රේලියාවේ හි පර්ත් (Perth – Australia) නගරයට පවා ශබ්ධය ඇසි තිබෙනවා.ගිනිකඳු විධාරණයන් හි ප්‍රබලතාවය මනිනු ලබන ඒකයක් වන Volcanic Explosion Index හි අගය 6ක් ලෙස එය සටහන් වෙනවා. ඒ කියන්නේ හිරෝෂිමාවට (Hiroshima) හෙලන ලද බෝම්බය වගේ 10,000 ක් ගුණයක ප්‍රභලත්වයක්. ගිනිකන්ද විධාරණයත් සමඟ විසිරි ගිය පාෂාණ කොටස් නිසාත් විස වායුන් නිසාත් අනතුරුව ඇති වුන සුනාමි තත්වය නිසාත් 36,000 කට අධික ජිවිත විනාශයක් සිදු වූ බවත් සඳහන් වෙනවා.

eruption.png

ලොකුම බලපෑම එල්ල වෙලා තිබුණේ ක්‍රැකටෝවා දිවයිනට. තව දුරටත් ක්‍රැකටෝවා දිවයිනෙන් ඉතුරු වෙලා තුබුණේ 1/3 ක් විතරයි. වසර ගණනාවක් යන තුරුත් නැවත ගහක් කොලක් හෝ එහි ඇති වුණේ නැහැ. හැබැයි 1927 වෙනකොට ඉතා කුඩා කේතුවක් වැනි යමක් පරණ යමහල තිබ්බ ප්‍රදේශයෙන් මුහුදෙන් ඉහලට මතු වෙන්න පටන් ගත්තා.අවුරුදු 44 කට පස්සේ ආයෙමත් යමහල ක්‍රියාකාරී වෙලා. අවුරුද්දක් ඇතුලත කුඩා දුපතක් ආයෙමත් ඒ ප්‍රදේශය හි ඇති වුණා. ඒකට කිව්වේ අනක් ක්‍රැකටෝවා (Anak Krakatoa) කියලා. එකේ අදහස තමයි ක්‍රැකටෝවා ගේ දරුවා (Child of Krakatoa) යන්න. මේ දවස් වල ඔය ක්‍රියාකාරී වෙලා තියෙන්නේ පුත්‍රයා තමයි. අප්පා කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා කියනවනේ.

Advertisements

One thought on “තාත්තගෙම පුතා – Anak Krakatoa”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s